Thursday, May 8, 2014

සුවාසුදහසක් ධර්මස්කන්ධය

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වීම ඉතාමත් දුර්ලභව සිදුවන්නකි.
උන් වහන්සේලා අවබෝධ කරගත් අති උතුම් ශ්‍රී සත් ධර්මය, මේ මහා භයන්කාර සසරෙන් අත් මිදීමට හේතු වාසනා අති, අනන්ත ලෝක සත්වයින් කෙරෙහි මහා අනුකම්පාවෙන් යුතුවම දේශනා කොට වදාළ සේක.

ඒ ධර්මයෝ මනා කොට අවබෝධ කරගත් උතුම් අරිහතුන් වහන්සේලා විසින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර ගණනාවකට පසුව, එතෙක් මුඛ පරම්පරාගතව රැකගෙන ආ ශ්‍රී සත් ධර්මය,
ප්‍රධාන වශයෙන් විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය වශවෙන් කොටස් තුනකින් ග්‍රන්ථාරූඪ කිරීම එකල්හි පාලි භාෂාවෙන් සිදුවූ බව සඳහන් වේ.
ධර්මස්කන්ධය, බුදුසමය, විනය, සූත්‍ර, අභිධර්ම, පිටකය, Pali, Sinhala, Thripitakaya, vinaya, abhidharma,
ත්‍රිපිටකය පිළිබඳ අද ඇතැම් දෙනා නොයෙකුත් සැක පහල කරගනිති. බුද්ධ දේශනාව ම ත්‍රිපිටකයේ ඇති දැ යි විමසති.  සැක හැර ගැනීමට ඒ පිලිබඳ මදක් සොයා බලනු වටී.
මුලින්ම පාලි භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කිරීම් සිදුවී ඇත්තේ අතීතයේ වැඩසිටි අරිහතුන් වහන්සේලා විසින්ම වීම අති විශේෂ කරුණකි. එසේ නම් ඒ විපරීත නොවූ උතුම් සත් ධර්මයම වියයුතුය. මන්ද උන්වහන්සේලා ලොව්තුරා බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ, යන කොට්ටාශය අතුරින් ශ්‍රාවක බුද්ධ නම් වූ සේක.
sutta, pitakaya, Buddha, Dharmaya, Buddhism, Theravada, Dhamma,
එවන් සත් ධර්මයේ මහා වටිනාකම වන්නේ, නැවත නැවතත් සසර දුකට වැටි වැටී අඳුරේ සැරිසරන ගමනෙන් මිදී, උතුම්ම නිවන් සුවයෙන් සැනසෙන්නට උවමනාවක් වීර්යයක් ඇති අනෙක විද සියළු ලෝක සත්වයන්ට ඊට මග විවර කරගැනීමටය.
tag_බුද්ධ ජයන්ති, පාලි, සිංහල, ත්‍රිපිටකය, බෞද්ධ, ග්‍රන්ථ, ධර්මය, බුදුදහම, දේශනාව, සුවාසුදහසක්,
එසේ නම්, උතුම් ශ්‍රී සත් ධර්මයේ වටිනාකම අද වෙසෙන ඔබ අප සියලු දෙනාට මෙන්ම අනාගත ලෝ වැසියන්ටද නිවන් මගට මහත් වැඩදායකය.

අඩු ධාරිතාවයකින් යුතු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව, (885MB  PDF FILES)
සියළු ලෝවැසියන් වෙත යහපත් සිතින් යුතුව පිරිනමමු. ඕනෑම අයෙකුට නොමිලේ ලබාගැනීමට හැකියාව ඇත. TRIPITAKAYA PDF FILES Free Download

       මේ වෑයම කිසිදු වාණිජමය අරමුණකින් තොරවම, සියළු ලෝවැසියන් වෙත සදහම් අවබෝධය පිණිසම යහපත් සිතින් යුතුව දායාද කරන්නාවූ දහම් පඬුරකකි. සෑම සියළු බොදුනුවන් හටම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පොත් වශයෙන් ලබාගැනීම අසීරු කරුණක් වනු ඇත. නමුත් තාක්ෂණයේ දියුණුව සමග එම කටයුත්ත තව තවත් පහසු කරමින් සියළු ලෝවැසියන් වෙත මෙවන් ආකාරයකින්, ත්‍රිපිටකය පරිහනයට පහසු අයුරින් සැකසීමට මේ දක්වා දායකත්වය දැක්වා ඇති සියළුම පිරිස් වලටත් උතුම් වූ නිවනම වෙත්වා. ඒ සෑම සියළු දෙනාටම නිවන් දකින ජාති දක්වාම අභිවුර්ධියකම වෙත්වා!!!