ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම

ත්‍රිපිටක පිළිබඳ අද ඇතැම් දෙනා නොයෙකුත් සැක පහල කරගනිති. බුද්ධ දේශනාවම ත්‍රිපිටකයේ ඇති දැයි විමසති.

මුලින්ම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම් සිදුවී ඇත්තේ අතීතයේ වැඩසිටි අරිහතුන් වහන්සේලා විසින්ම වීම අති විශේෂ කරුණකි. එසේ නම් ඒ විපරීත නොවූ උතුම් සත් ධර්මයම වියයුතුය. මන්ද උන්වහන්සේලා ලොව්තුරා බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ, යන කොට්ටාශය අතුරින් ශ්‍රාවක බුද්ධ නම් වූ සේක.

එවන් උතුම් සත් ධර්මයේ වටිනාකමක්, උවමනාවක් අති වන්නේ, නැවත නැවතත් සසර දුකට වැටි වැටී අඳුරේ සැරිසරන ගමනෙන් මිදී, උතුම්වූ නිවන් සුවයෙන් සැනසෙන්නට උවමනාවක් වීර්යයක් ඇති ලෝක සත්වයන්ටමය. එසේ නම්, උතුම් ශ්‍රී සත් ධර්මයේ වටිනාකම අද වෙසෙන ඔබ අප සියලු දෙනාට මෙන්ම අනාගත ලෝ වැසියන්ටද නිවන් මගට මහත් වැඩදායකය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හාරසිය පනහකට පමණ පසුව, එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ ත්‍රිපිටක ධර්මය, ප්‍රධාන වශයෙන් විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය වශවෙන් කොටස් තුනකින් ග්‍රන්ථාරූඪ කිරීම සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
මේ සඳහා රහතුන් වහන්සේලා පන්සිය නමක් සහභාගී වූ බවටත් උන්වහන්සේලා, අවුරුදු තුනකුත් මාස කිහිපයකින්කින් ඒ ග්‍රන්ථාරූඪ කිරීම සිදුකර අවසන් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වේ.

අතීතයේ පටන් දුර්භික්ශාදීයට සංඝයා වහන්සේලා පවා ගොදුරු වූ වකවානුවල හෝ වේවා, ඉතිහාසයේ යම් යම් අර්බුදකාරී තත්ත්වයක් පැනනැගුනු වකවානුවල හෝ වේවා,   අනාගතයේ ථෙරවාද බෞද්ධ ධර්ම සම්ප්‍රදාය විනාශ වීම ට ඉඩ නො තබා, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම අදටත් ඉතා වැදගත්වේ.

කුමන හේතු මුල්වී හෝ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර අති නිසා අදටත් සුවාසුදහසක්‌ ධර්මස්කන්ධය ලොව බබලයි. නිවනේ සැනසීම සොයන සෑම ලෝවැසියෙකුටම එය මහත් වැඩදායක වේ.
tag_බුද්ධ ජයන්ති, පාලි, සිංහල, ත්‍රිපිටකය, බෞද්ධ, ග්‍රන්ථ, ධර්මය, බුදුදහම, දේශනාව, සුවාසුදහසක්,‌ ධර්මස්කන්ධය, බුදුසමය, විනය, සූත්‍ර, අභිධර්ම, පිටකය, Pali, Sinhala, Thripitakaya, vinaya, abhidharma, sutta, pitakaya, Buddha, Dharmaya, Buddhism, Theravada, Dhamma